කුමාර් දක්ෂම ක්‍රිකටර් කළේ දෙවියන් වහන්සේ…! බොහෝ ක්‍රීඩකයින්ට දෙවියන් පිහිට වුණා…! මගේ පුතා දෙවියන් ලවා වහින වැස්ස නැවැත්තුවා..! – අරගල නායිකා යෙහෙලි සංගක්කාර…

November 20, 2022 at 12:48 pm | by emanisa.lk

කුමාර් සංගක්කාර ශ්‍රී ලංකාවෙන් බිහි වූ හොඳ ම ස්ථාවර පිතිකරු කළේ දෙවියන් වහන්සේ බව ඔහුගේ බිරිඳ, අරගල ක්‍රියාකාරිනී යෙහෙලි සංගක්කාර පවසයි.

කුමාර් සංගක්කාර අවුරුදු 15ක් ක්‍රිකට් ක්‍රීඩා කරමින් ලබා ගත් සාර්ථකත්වය පිටුපස සිටින්නේ දෙවියන් වහන්සේ බවයි, යෙහෙළි පෙන්වා දෙන්නේ.

ලංකාව විස්සයි විස්ස ලෝක කුසලානය දිනා ගත් අවසන් තරඟයේ දී සංගක්කාර දේවානුභාවයෙන් අර්ධ ශතකයක් ලබාගත් බවත් ඇය සඳහන් කරයි.

යෙහෙළි හෙළි කරන්නේ සංගක්කාර ලබා ගන්නා ලකුණු ගණන පවා දෙවියන් වහන්සේ තමන්ට පෙන්නු බවයි.

තම බොහෝ ක්‍රිකට් මිතුරන්ගේ දුක් කරදර දෙවියන් වහන්සේ අවසන් කළ බවත් දෙවියන්ට යාඥා කොට තමන් සිරගතව සිටි අයකු මුදාගත් බවත් තම දරුවන් දෙවියන්ට යාඥා කර වැසි වැටීම පවා නතර කළ ඇති බවත් පවසන හෙහෙළි සංගක්කාර, දෙවියකු සිටින බව ඉන් තහවුරු වන බව ද ප්‍රකාශ කරයි.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස