කංසා නීතිගත කර මිස පස්ස බලන්නේ නෑ..! අයවැයට කංසා ගෙනාවේ මමයි…! ලංකා කංසා සංස්ථාවේ පළමු සභාපති මමයි..! – ආචාර්ය වසන්තසේන වැලිඅංග…

November 18, 2022 at 9:20 am | by emanisa.lk

ශ්‍රී ලංකාවේ දුම්කොළ සංස්ථාව වසා දමා ගංජා සංස්ථාවක් පිහිටුවීමට කාලය පැමිණ ඇතැයි ආචාර්ය වසන්තසේන වැලිඅංග පවසයි.

ලංකාවේ කංසා නීතිගත කර මිස තමන් පස්ස නොබලන බව ද හෙතෙම අවධාරණය කරයි.

ආචාර්ය වසන්තසේන වැලිඅංග වැඩි දුරටත් සඳහන් කරන්නේ ලංකා කංසා සංස්ථාවේ පළමු සභාපතිවරයා බවට පත්වන්නේ තමන් බවය.

අපනයනය සඳහා ගංජා නිෂ්පාදනය පිළිබඳ ජනාධිපතිවරයා සිය අයවැය කතාවෙන් ඉදිරිපත් කළ යෝජනාව තමන්ගේ මෙහෙයුමක ප්‍රතිඵලයක් බවත් එම කමිටුවේ තනතුරක් සඳහා තමන්ට ආරාධනා ලැබී ඇති බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *