ගාල්ලෙත් ගංජා වගාව අරඹයි!

February 19, 2020 at 7:39 am | by emanisa.lk

ගාල්ල වඳුරඹ ඌරල ප්‍රදේශයේ නිවසක වගාකර තිබුණු ගංජා වගාවක් අල්ලා ගැනීමට වඳුරඹ පොලිසිය සමත් වී තිබේ.

මෙම ප්‍රදේශයේ ගංජා අලෙවිය සහ භාවිතය පිළිබඳ මෙයට පෙර ද වාර්තා වුවද ගංජා වගා කිරීම පිළිබඳ වාර්තා වූයේ නැත.

අනවසර මද්‍යසාර (කසිප්පු) පෙරන බවට ලද බුද්ධි තොරතුරු මත වඳුරඹ පොලිසිය සිදුකළ වැටළීමක දී මෙම ගංජා වගාව කොටුකර ගැනීමට හැකි වී ඇත.

අදාළ ගංජා වගාව සමග සැකකරුවකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර රිමානඩ් භාරයට පත්කර තිබේ.

රත්නසිරි විතානගේ

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *