ධනුෂ්කට සිඩ්නි උසාවියෙන් ඇප…! රටින් බැහැර වීම තහනම්..! Dating App භාවිතයත් තහනම්…!

November 17, 2022 at 10:48 am | by emanisa.lk

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට සිඩ්නි අධිකරණය මගින් ඇප ලබා දී තිබේ.

අධිකරණයට ගුණතිලකගේ නීතිඥයින් දන්වා ඇත්තේ සැකකරුට සහාය වීමට ශ්‍රී ලංකා රජය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපත් වී ඇති බවය.

ඒ අනුව ඩොලර් 150,000ක පුද්ගලික ඇපයක් මත ධනුෂ්ක ඇපමත නිදහස් කිරීමට අධිකරණය නියෝගකර තිබේ.

ධනුෂ්ක පසුගිය 06 වනදා සිඩ්නි පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත්තේ තරුණියක් කළ පැමිණිල්ලකට අනුවය.

අය චෝදනා කර තිබුණේ ධනුෂ්ක විසින් සිය නිවසේ දී පසුගිය නොවැම්බර් 02 වෙනිදා “තම කැමැත්ත නොමැතිව” සිව් වතාවක් ලිංගික අපයෝජනයට ලක්කළ බවය.

මහෙස්ත්‍රාත් ජැනට් වැක්විස්ට් විසින් දිනපතා පොලීසියට වාර්තා කළ කිරීම, රාත්‍රී 09ත් උදෑසන 06ත් අතර ගමන් බිමන් තහනම් කිරීම, ටින්ඩර් සහ වෙනත් Dating App භාවිතය තහනම් කිරීම සහ පැමිණිලිකාරිය සමග සම්බන්ධතා නොපැවැත්වීම යන ඇප කොන්දේසි ධනුෂ්කට එරෙහිව පනවා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *