ගංජා අපනයනය සඳහා පමණක් නිෂ්පාදනය කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බැලිය යුතු යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
අද (14) අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.
ඒ සඳහා විශේෂඥ කමිටුවක් පත් කිරීමට යෝජනා කරන බව ද ඔහු සඳහන් කළේ ය.
2019 රටට අහිමි වූ බදු ආදායම් නැවත ලබා ගැනීම සඳහා වැට් බදු ඉහළ නැංවීමටත් එමගින් මුදල් මුද්‍රණය සීමා කිරීමටත් යෝජනා විය.
එසේ ම සන්නද්ධ හමුදා සාමාජිකයින් සඳහා කලින් විශ්‍රාම ගැන්වීමේ ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ වන විට අයවැය ඉදිරිපත් කරමින් සිටියි.