ධනුෂ්ක දඩයම කුමන්ත්‍රණයක්…! ඔහු රැක ගැනීම රටේ වගකීමක්..!

November 14, 2022 at 10:12 am | by emanisa.lk

ඕස්ට්‍රේලියාවේ දී චෝදනා ලැබ සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක චූදිතයෙකු පමණක් වන බැවින් ඔහු ආරක්ෂා කර ගැනීමේ වගකීමක් මෙරටට පැවැරී ඇතැයි ක්‍රීඩා හා තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක පවසයි.

ආසියානු කුසලානය දිනා ගනිමින් ශීඝ්‍රයෙන් ඉදිරියට පැමිණි ශ්‍රී ලංකා පිලට මෙවැනි අභියෝග එල්ල වීම සිදුවිය හැකි කාරණයක් යැයි ද අමාත්‍යවරයා කීවේ ය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු රජයට සිය කනගාටුව පළ කරන බව කී ඇමැතිවරයා, ජාත්‍යන්තර ක්‍රීඩකයෙකුට මෙවැනි කුමන්ත්‍රණයක් එල්ල වීමේ හැකියාවක් පවතින බව ද කීවේ ය.

ඔහු වෙනුවෙන් පෙනී සිටීම සඳහා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති හා ක්‍රිකට් මණ්ඩලය සමග සාකච්ඡා කොට ඉදිරි කටයුතු කරන බව ද හෙතෙම ප්‍රකාශ කළේ ය.

ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන් ශ්‍රී ලංකාවේ නීතිඥ සහයෝගය ලබා දෙන බව ද අමාත්‍යවරයා කීය.‍

ඒ මහතා මෙම අදහස් පළ කරන ලද්දේ මහනුවර ‘සහශ්‍රා උයන’ පරිශ්‍රයේ පැවැත්වෙන උළෙලේ දෙවන දිනය සඳහා ප්‍රධාන ආරාධිතයා වශයෙන් ඊයේ (නොවැ. 13) සහභාගි වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *