ට්‍රම්පච්චි 2024 ජනාධිපතිවරණයට…!

November 6, 2022 at 6:38 am | by emanisa.lk

2024 වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයට රිපබ්ලිකන් අපේක්ෂකයා ලෙස තමන් ඉදිරිපත් වීමට සූදානම් යැයි හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ට්‍රම්ප් ඇමෙරිකන් ජනාධිපති ධුරය හොබවූයේ 2017 සිට 2021 දක්වා එක් ධුර කාලයක් සඳහා පමණි. ඒ අනුව, ඔහුට යළිත් වරක් ජනාධිපති ධුරය වෙනුවෙන් තරග කිරීමට ව්‍යවස්ථාවෙන් ඉඩක් ලැබේ.

තව නොබෝ දිනකින් ඇමෙරිකානු මධ්‍ය වාර මැතිවරණ ආරම්භ වන අතර ට්‍රම්ප් මේ වන විටත් ඊට සූදානම් වන බව පැවැසෙයි.

2020 වසරේ තමා පරාජයට පත් වී, ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන් ජයග්‍රහණය කළේ, ඡන්ද වංචා නිසා යැයි අයෝවා ඡන්ද රැස්වීමකට එක් වෙමින් ට්‍රම්ප් චෝදනා නගා ඇත.

මේ අතර වත්මන් ජනාධිපති ජෝ බයිඩන්, මධ්‍ය වාර මැතිවරණයට සූදානම් වන අතර ඔහුට හිටපු ජනාධිපති බැරැක් ඔබාමාගේ සහාය හිමිවෙයි. ඔබාමා ජනාධිපති ධූරය දැරූ සමයේ උප ජනාධිපතිවරයා බයිඩන්ය.

මේ වන විට 76 වන වියේ පසුවන බැරක් ඔබාමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන විට 78 වන වියේ පසුවන්නෙකි. ඔහුගේ උප ජනාධිපති ලෙස කටයුතු කළ මයික් පෙන් ද ජනාධිපතිවරණය සඳහා තරඟ වැදීමට සූදානම් වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *