ශ්‍රී ලංකාවේ ප්‍රථම වඳුරු උණ රෝගියා ඊයේ (03) හඳුනාගත් බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසයි.
රෝගියා 20 හැවිරිදි තරුණයෙක් බවත් ඉකුත් පළමුවෙනිදා ඔහු ඩුබායි සිට පැමිණ ඇති බවත් වෛද්‍ය පර්යේෂණ ආයතන ආරංචි මාර්ග අනාවරණය කරයි.
පෙරේදා (02) එම තරුණයා උණ සහ සමේ බිබිලි හටගෙන තිබීම හේතුවෙන් ජාතික ලිංගාශ්‍රිත රෝග සායනයට ඉදිරිපත් වී ඇත.
එහි දී වෛද්‍යවරුන්ට ඇතිවූ සැකය මත මෙම රෝගියා වෛද්‍ය පර්යේෂණ අංශයේ වෛරස් වේද අංශය වෙත යොමු කර ඇත.
එදින දහවලේ වෛද්‍ය පර්යේෂණ ආයතනය රෝගී තරුණයාගෙන් සාම්පල කිහිපයක් ලබා ගෙන ඇති අතර සෑම නියැදියකම වඳුරු උණ රෝගය හඳුනා ගන්නා විශේෂිත ජාන හමු වූ බව වෛද්‍ය පර්යේෂණ ආයතන ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
ඒ අනුව මෙම රෝගියා ප්‍රතිකාර ලබා ගැනීම සඳහා අයි.ඩී.එච් රෝහලට ඇතුළත් කර ඇත.