ක්‍රයශක්තිය ඇති අයට රජයේ රෝහල්වලින් මුදල් ගෙවා ඖෂධ ලබා ගැනීමේ ක්‍රමවේදයක් සකස් කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පවසයි.
“සල්ලි තියෙන මිනිහා ඇවිල්ලා නොමිලේ බෙහෙත් අරගෙන යනවා. සල්ලි නැති මිනිහා ඇවිල්ලා නොමිලේ බෙහෙත් අරගෙන යනවා. මේක හරි අසාධාරණ සිස්ටම් එකක්.
ඒ නිසා මම හිතනවා ජයවර්ධනපුර රෝහලේ වගේ සුළු ගානක් රුපියල් 200ක් 300ක් වගේ ගෙවලා සල්ලි තියෙන පුද්ගලයා කරුණාකරලා සල්ලි ගෙවලා බෙහෙත් ටික ගන්න. සල්ලි නැති කෙනාට ගෞරවාන්විතව නොමිලේ බෙහෙත් ටික ගන්නත් ක්‍රමයක් හදන්න.
සියලුම රජයේ රෝහල්වලට විශේෂයෙන් ශික්ෂණ මට්ටමේ රජයේ රෝහල් වගේ ඒවාට මුදල් ගෙවලත් ප්‍රතිකාර ගන්න ක්‍රම සකස් වෙනවා නම්, පෞද්ගලික අංශයට සිද්ධ වෙනවා රජයේ රෝහල් සමග තරගකාරීත්වයක් ඇතිව ප්‍රතිකාර කරන්න. එතකොට ඔය කියන නාඩගම් නටන්න ඒ ගොල්ලන්ට හැකියාවක් ලැබෙන්නේ නෑ.”