හන්තාන රක්ෂිතයෙන් අපට ඉඩමක් දුන්නේ උසාවිය…! – කිරිඇල්ල…

October 24, 2022 at 8:05 pm | by emanisa.lk

තම පවුලට හන්තාන ප්‍රදේශයෙන් ඉඩම් අක්කර 44ක් ලබා දුන්නේ අධිකරණය මගින් හිටපු අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

ඒ බලංගොඩ රාස්සගල වත්තේ සිය බිරිඳට සහ ඇගේ සොහොයුරාට හිමිව පැවැති අක්කර 44ක් වෙනුවෙන් බවයි, කිරිඇල්ල සඳහන් කළේ.

බලංගොඩ, රාස්සගල වත්තේ අයිතිය වෙනුවෙන් නඩු පැවරූ අවස්ථාවේ නීතිපතිවරයා එය පිළිගෙන අදාළ ඉඩම හෝ විකල්ප ඉඩමක් හෝ ලබා දිය යුතු බව ප්‍රකාශ කළ බව ද ඔහු පෙන්වා දුන්නේය.

තමන් මහනුවර පදිංචි වී සිටින නිසා හත්තානෙන් එම ඉඩම ලබා ගත් බවත් ඒ සඳහා දැන් වසර 18ක් වන බවත් ලක්ෂ්මන් කිරිඇල්ල සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *