වසර 20ක චන්ද්‍රිකා, මහින්ද යුගයේ මැද කොළඹ තමන්ට ලැබුණේ කුඩම්මාගේ සැලකිලි බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසයි.
2015 වැඩි ම මනාපයෙන් රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු යැව්ව ද මැදකොළඹ ජනතාවගේ දරුවන්ට රස්සා ටිකක් නොදුන් බවට ද ඔහු චෝදනා කළේය.
ජනතා හද ගැස්ම හඳුනන සජිත් ප්‍රේමදාස සමග නව ගමනක් යාමට තීරණය කළේ ඒ නිසා බවයි, රහුමාන් සඳහන් කළේ.
කොළඹ නගරයේ රණසිංහ ප්‍රේමදාස යුගයක් ඇති කිරීමට තමන්ට උවමනා බව ද මුජිබර් රහුමාන් අවධාරණය කළේය.
මැද කොළඹ ජනහමුවකට එකතු වෙමින් අද (23) හෙතෙම මේ බව සඳහන් කළේය.