21 නිසා 10 දෙනෙකුට මන්ත්‍රී ධූර අහිමි වෙනවා…! – අධිකරණ ඇමැති….

October 22, 2022 at 2:43 pm | by emanisa.lk

21 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමත් සමඟ ද්විත්ව පුරවැසිභාවය හිමි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සිය මන්ත්‍රී ධුරය දැරීමේ අවස්ථාව අහිමි වන්නේ යමෙකු ඔවුන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් ඔවුන්ගේ මන්ත්‍රී ධූර අභියෝගයට ලක් කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධව ලැබෙන තීන්දුවට අනුව බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසයි.

අමාත්‍යවරයා සඳහන් කළේ වර්තමාන පාර්ලිමේන්තුවේ ද්විත්ව පුරවැසිභාවය සහිත මන්ත්‍රීවරුන් දස දෙනකු පමණ සිටින බවය.

කිහිප දෙනකු හැරෙන්නට එම මන්ත්‍රීවරුන් කවුරුන්ද යන්න තමන් හරිහැටි නොදන්නා බව ද විජයදාස රාජපක්ෂ ප්‍රකාශ කළේය.

මෙම සංශෝධනයේ මූලික ස්වරූපයේ වෙනසක් නොමැතිව සංශෝධන සහිතව සම්මත වීම පිළිබඳ තමා සතුටට පත්වන බවත්, එය රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් තැබුණු තීරණාත්මක පියවරක් වනු ඇති බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් පෙන්වා දුන්නේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *