හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ධූරයෙන් නිල වශයෙන් ඉවත් වූයේ ද යන්න ගැටලුවක් බව ජනාධිපති නීතීඥ ටිරන්ත වලලියද්ද පවසයි.
ජනාධිපති නීතීඥ වලලියද්ද පෙන්වා දෙන්නේ, රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත්වූයේ පාර්ලිමේන්තු බහුතරයෙන් නොව ව්‍යවස්ථාවෙන් බවයි.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයෙන් ඉවත් වූයේ ද එම ඉල්ලා අස්වීම පිළිගත හැකි ද යන්න විශාල ගැටලුවක් බය ජනාධිපති නීතීඥවරයා අවධාරණය කරයි.
ඔහුගේ ඉල්ලා අස්වීම පිළිබඳ හෑන්ඩ්සාඩ්ගත කර ඇති ලිපිය පිළිගත නොහැකි බවත් මේ රටේ තවමත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බව සිය මතය බවත් ටිලන්ත වලලියද්ද වැඩි දුරටත් ප්‍රකාශ කරයි.
ව්‍යවස්ථා නොදත් 225 ම පාර්ලිමේන්තුවෙන් දියවන්නාවට යා යුතු කාලය පැමිණ ඇති බවත් ඔහු සඳහන් කරයි.