අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වෙයි…! සර්වපාක්ෂික ආණ්ඩුවක් සඳහා ජනපතිගෙන් යළි ඇරයුම්…!

April 27, 2022 at 1:40 pm | by emanisa.lk

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එකතුවන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවලට ආරාධනා කර ඇත.

ජනාධිපතිවරයා එම ඉල්ලීම කරමින් පක්ෂ නායකයන් වෙත ලිපියක් ද යොමු කර ඇත.

සමගි ජන බලවේගයෙ, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු හවුල්කාර පක්ෂවලට ද මේ සඳහා ආරාධනා කර ඇතැයි වාර්තා වේ.

ජනාධිපතිවරයා ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් හෙට (28) පස්වරුවේ ජනාධිපති මන්දිරට කැඳවා ඇති අතර එහිදී මේ සම්බන්ධයෙන් ඔවුන් සමඟද සාකච්ඡා කරනු ඇතැයි දැනගන්නට ඇත .

මේ සම්බන්ධයෙන් සකච්ඡා කිරීම සඳහා ජනපතිවරයා සියලු පක්ෂ නායකයන්ට ජනපති මන්දිරයට අනිද්දා (29) පැමිණෙන්නැයි ආරාධනා කර ඇත.

ඒ අනුව වර්තමාන ආණ්ඩුවේ අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීමෙන් අනතුරුව යෝජිත සර්වපාක්ෂික ආණ්ඩුවේ ව්‍යුහය, එහි කාල සීමාව සහ වගකීම් ලබා දෙන පුද්ගලයින් පිළිබඳ තීරණය කළ යුතු බව ද ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

කෙසේ වුව ද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයේ සිටින තුරු සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා එකතු නොවන බව පවසා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *