අසාද් සාලි වහා ම අත්අඩංගුවට ගනු…!

October 21, 2022 at 2:31 pm | by emanisa.lk

තිලිණි ප්‍රියමාලී සමග පැවැති සබඳතා පිළිබඳ විමර්ශනය සඳහා හිටපු බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි අත්අඩංගුවට ගත යුතු බව මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩ පවසයි.

අසාද් සාලිට අපහාස කළේ යැයි තමන්ට සහ කීර්ති රත්නායකට එරෙහිව කුරුඳුවත්ත පොලිසියට පැමිණිල්ලක් කර ඇති බව ද හෙතෙම පවසයි.

එහෙත් ශ්‍රී ලංකා පොලිසිය හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අසාද් සාලි අත්අඩංගුවට ගෙන පරීක්ෂණයක් කළ යුතු බවයි, දර්ශන හඳුන්ගොඩ පෙන්වා දෙන්නේ.

එහෙත් දැන් සිදුවන්නේ එහි අනික් පැත්ත බවත් පොලිසියට තමන් කැඳවන බවත් ඔහු සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *