ජනතාව නැගිටිය යුත්තේ අප යටතේ පමණයි..! ඒ සඳහා අපි කොට්ඨාශ සභා පිහිටුවනවා..! – අනුර…

October 17, 2022 at 11:23 am | by emanisa.lk

රටේ නැවතත් ජනතා නැගිටීමක් සිදුවුවහොත්, එය ජාතික ජන බලවේගය යටතේ සිදු විය යුතු බවත් එසේ නැතිනම් එම ජනතා නැගිටීම අපතේ යන බවත් ජවිපෙ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි. අනුර කුමාර දිසානායක පවසයි.

රටේ බලය මේ වන විට පවතින්නේ ජනතාව අතේ වුවත් තවමත් ජනතාව හරි හැටි සංවිධානය වී නොමැති බව ද ජවිපෙ නායකයා කියයි.

“ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිට රට දාලා යන්න සිද්ධ වුණා. මහින්ද රාජපක්ෂට අරලියගහ මන්දිරයෙන් හොර රහසේ ගිහින්, නාවික හමුදා කඳවුරක ඉන්න සිදු වුණා. බැසිල් රාජපක්ෂට රට යන්න ෆ්ලයිට් එකක් හොයා ගන්න බැරි වුණා. මහා ගල් පර්වතයක් වාගේ තිබෙන බව කියූ කඳවුර අපේ ඇස් ඉදිරිපිට බිඳවැටී තිබෙනවා.

එහෙම නම්, බලය තිබෙන්නේ ජනතාව හමුවේ බව පැහැදිලියි. ඒත් මේ ජනතාව නිවැරැදි ලෙස සංවිධානය වී නෑ. ජාතික ජන බලවේගය කොට්ඨාස සභා පිහිටුවන්නේ ඒ ජනතාව සංවිධානය කරමින්. කොට්ඨාස සභාවලට ප්‍රධාන කරුණු තුනක් පැවැරී තිබෙනවා. නැවතත් ජනතා නැගිටීමක දී, එය ජාතික ජන බලවේගය යටතේ සිදු විය යුතුයි. නැත්නම්, ජනතා නැගිටීම අපතේ යනවා.

ඒ වාගේම ගම් මට්ටමින් ජනතාව සංවිධානය කිරීමේ වගකීම අපි මත පැවැරී තිබෙනවා. රට බංකොළොත් වී තිබෙන තත්ත්වය හමුවේ ජනතාව රැක ගැනීමත් ඒ අතර තිබෙන මූලික කාර්යයක්.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *