තිරිඟු පිටි කිලෝවක මිල රු. 85කින් අඩු වූ පමණින් පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල පහත දැමිය නොහැකි බව සමස්ත ලංකා බේකරි නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන පවසයි.
රු. 250 සිට රු. 420 දක්වා ඉහළ ගිය පිටි කිලෝවක මිල රු. 290 දක්වා අඩු වුව ද එය සැලකිය යුතු මිල අඩු වීමක් නොවන බවයි, ඔහු ප්‍රකාශ කළේ.
එහෙයින් බේකරි නිෂ්පාදනවල මිල සංශෝධනය කිරීමේ හැකියාවක් නොමැති බව එන්.කේ. ජයවර්ධන අවධාරණය කරයි.