බන්ධනාරගාරයේ දුරකතන භාවිතය වරදක් නෙමෙයි…! – තිළිණි ප්‍රියමාලී විනිශ්චය සභාවේ කියයි…

October 14, 2022 at 9:58 am | by emanisa.lk

මූල්‍ය වංචා චෝදනා මත වැලිකඩ බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප්‍රියමාලි නැමැති කාන්තාව බන්ධනාගාරය තුළ ජංගම දුරකතනයක් තබා ගැනීම සම්බන්ධයෙන් චෝදනාට නිවැරදිකරු බව පවසා තිබේ.

බන්ධනාාරය තුළ දුරකතන භාවිත කිරීමේ චෝදනාව මත අද වැලිකඩ බන්ධනාගාරයේ පැවැති විනිශ්චය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ ඈ එම චෝදනාවලට නිවැරදිකරු යැයි පවසා ඇත.

කොළඹ අතිරේක දිසා විනිසුරුවරයා ප්‍රමුඛ බන්ධනාගාර විනිශ්චය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඇය මේ බව සඳහන් කර තිබේ. ඒ අනුව වැඩිදුර විභාගය නොවැම්බර් මස 03 වැනිදා දක්වා කල් තබා ඇත.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *