පසුගිය කාලයට සාපේක්ෂව රටේ මන්දපෝෂණය 2%කින් වැඩි වී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අද (12) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
පසුගිය කාලයේදී මන්දපෝෂණය 12%ක මට්ටමක පැවතිය ද එය මේ වන විට 14%ක මට්ටමක් දක්වා ඉහළ ගොස් ඇති බව රඹුක්වැල්ල මහතා පැවසීය.
ඔහු ප්‍රකාශ කළේ, ලංකාව ආසියාවේ ඉතා ම හොඳ පෝෂණ මට්ටමක් පවත්වා ගෙන ආ රටක් බවත් එය 10%ක් දක්වා අඩු කිරීමට බලාපොරොත්තු වන බවත් ය. රටට වැටෙන්නට ඉඩ දිය නොහැකි බවයි, ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල අවධාරණය කළේ.