විදෙස්ගත ශ්‍රමිකයෝ ඩොලර් එවන්න අපේ ආණ්ඩුව එනකල් බලා ඉන්නවා…! දියුණු රටවල් ආධාර දෙන්න බලා ගෙන ඉන්නවා..! – කිරිඇල්ල…

October 10, 2022 at 7:09 am | by emanisa.lk

වත්මන් රජය පිළිබඳ ඇති අවිශ්වාසය නිසා විදෙස්ගත ශ්‍රමිකයින් මෙරටට මුදල් නොඑවන බවත් තම රජයක් බලයට පත්වූ වහාම ඔවුන්ගේ මුදල් නැවත මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

“තානාපතිවරුන් අපට මාසෙකට සැරයක් හම්බවෙනවා. ඒ අය අපට කියනවා, නව රජයක් බලයට පත්වුණාම විශේෂයෙන්ම ලෝකේ තියෙන දියුණු රටවල් අපට උදව් කරන්න සූදානම් කියලා.

පසුගිය කාලය තුළ අපට ආදායම් මාර්ග විශාල ප්‍රමාණයක් නැතිවුණා. අපේ පිටරට ඉන්න ශ්‍රමිකයින් එවන මුදල් 99%කින් අඩුවෙලා. මේ ශ්‍රමිකයින්ගේ මුදල් ටික අපට ලැබෙනවා නම් මේ රටේ ජනතාවට අවුරුද්දකට කන්න, බොන්න, අඳින්න, ඉන්ධනවලට අපට මුදල් තියෙනවා.

මෙච්චරකල් මේ රට හැම ආණ්ඩුවක්ම පාලනය කළේ ඒ මුදල්වලින්. අද ඒ ශ්‍රමිකයින් බයයි මේ මුදල අපේ රටට දෙන්න. අපේ රජයක් බලයට පත්වෙච්ච වහාම අපි ඒ ශ්‍රමිකයින්ගේ මුදල් ටික ගෙන්වාගන්න පියවර ගන්නවා.

අවුරුද්දකට ඇමරිකන් ඩොලර් මිලියන 8,000ක් එනවා. ඒ මිලියන 8,000න් අපේ රටේ ජනතාවට අත්‍යවශ්‍ය ආහාර, ඉන්ධන, ඇතුළු අවශ්‍යතා කිසිම කරදරයක් නැතුව දෙන්න පුළුවන් කියන එක මම මේ අවස්ථාවේදී කියනවා”

ලක්ෂ්මන් කිරිඇල්ල මේ බව පැවසුවේ සමගි ජන බලවේගයේ යටිනුවර ආසන බලමණ්ඩල රැස්වීම අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *