අගමැතිකම භාර ගන්න තරම් සජිත්ට කොන්දක් තිබුණේ නෑ…! – මනූෂ…

June 21, 2022 at 6:52 pm | by emanisa.lk

අගමැතිමැති ධූරය භාර ගැනීමට මේ රටේ විපක්ෂ නායකයාට කොන්ද පණ නොතිබුණු බව අමාත්‍ය මනූෂ නානායක්කාර පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, ජනාධිපතිවරයා අගමැති ධූරය භාර ගන්නා ලෙස ඉල්ලා සිටි සෑම අවස්ථාවක විවිධ කොන්දේසී දමමින් සජිත් ප්‍රේමදාස එම අවස්ථාව මගහැරි බවයි.

එයට හේතුව විපක්ෂ නායකවරයාට රට ඉදිරියේ ඇති ඩොලර් අර්බුදය සහ ඒ නිසා පැන නැඟී ඇති ඉන්ධන, ගෑස්, ඖෂධ ආදී ප්‍රශ්න සඳහා විසඳුම් සෙවීමට හැකියාවක් නොමැති බව ද ඔහු ප්‍රකාශ කරයි.

අවසානයේ රනිල් වික්‍රමසිංහ අගමැති ධූරය භාර ගන්නා බව තහවුරු වූ පසු කිසිදු කොන්දේසියකින් තොරව අගමැතිකම භාර ගැනීමට සූදානමින් සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරයාට ලිපියක් යොමු කළ ද ජනාධිපතිවරයා එය ප්‍රතික්ෂේප කළ බවයි, අමාත්‍ය මනූෂ නානායක්කාර අනාවරණය කළේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *