සමගි ජන බලවේගයේ පස්දෙනෙක් කැබිනට් එකට ගන්නට හොයනවා යැයි ආරංචි බවත් පස්දෙනෙක් තියා එක්කෙනෙක්වත් ආණ්ඩුවේ කැබිනට් එකට යන්නේ නැතැයි වගකීමෙන් පවසන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
අද (07) පාර්ලිමේන්තුවේ දී හෙතෙම මේ බව කීය.
රට බංකොලොත්ය යන යථාර්ථය පාවිච්චි කොට එකමුතු වී රට ගොඩ ගත යුතු බව කී විපක්ෂ නායකවරයා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය අනුව රට ගොඩනැගීම සඳහා සහය ලබා දීමට ලෑස්ති බව ද අවධාරණය කළේය.
රටක් ලෙස මානව හිමිකම් කොමිසමේ පසුබෑමට ලක් වෙන්න සිදුවූ බව කී විපක්ෂ නායකතුමා, අනෙකුත් රටවල් සම්බන්ධ කරගෙන යම්කිසි සාකච්ඡා මාර්ගයක් තුළින් රටේ ගමන දිනවන්නට බැරි ඇයි දැයි ප්‍රශ්න කළේය.