නාමල් රාජපක්ෂටත් මන්දපෝෂණේ…! – විමලරවීර…

October 4, 2022 at 8:06 am | by emanisa.lk

තමන් මෙන් ම පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ද මන්දපෝෂණයෙන් පෙළෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක පවසයි.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ, මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ශ්‍රී ලංකාව උග්‍ර කුසගින්නේ පෙළෙන රටවල් අතරට පැමිණ ඇති බවට පළ වූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් මාධ්‍යවේදියා මන්ත්‍රීවරයාගේ මතය විමසූ අවස්ථාවේ ඊට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව පැවසීය.

“2016 ඉඳලා නෙවෙයි මන්දපෝෂණය ඉතිහාසයේ ඉඳලා තියෙනවා ඕනෑ ම රටක. යම් ප්‍රමාණයකට. දැන් කියනවනේ, බිත්තර ගණන්. කිරි ගණන්. මාළු ගණන්. මස් ගණන්. ඕකනේ කියන්නේ. මං උම්බලකඩ කෑල්ලක්වත් කන්නේ නෑනේ.

මට දැන් මන්දපෝෂණේ. නාමල් රාජපක්ෂ මහත්තයට මන්දපෝෂණේ. උම්බලකඩ කෑල්ලක්වත් කන්නේ නෑනේ. අර පොළොන්නරුවේ චින්තක, බර උසුලන ශූරයා මිනිහත්, එළවළු විතරයි කන්නේ. උම්බලකඩ කෑල්ලක්වත් කන්නේ නෑ. මිනිහටත් මන්දපෝෂණේ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *