හම්බන්තොට, සූරියවැව ප්‍රදේශයේ මන්දපෝෂණය ඉතා ම ඉහළ මට්ටමක පවතින බවට පළවූ පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ පවසයි.
“ඔය කියන මන්දපෝෂණය, ඔය කිසිදෙයක් නෑ. ඔය දොස්තර මහත්තයෙක් හුදෙකලා තැනක කියපු ප්‍රකාශයක් තමයි, මාධ්‍ය තුළ ලොකුවට ගෙනාවේ.
හැබැයි අපි පෞද්ගලිකව හොයලා බැලුවා, සමස්ත ලංකාවේ තියෙන සාමාන්‍ය සෞඛ්‍ය මට්ටමයි සූරියවැව තියෙන සෞඛ්‍ය මට්ටමයි ගත්තාම සූරියවැව ලංකාවේ වෙනත් දිස්ත්‍රික්කවලට වඩා ඉතාමත් ඉහළ තැනක තියෙනවා.
පෞද්ගලික කාරණා මුල් කරගෙන සමහර ඒවා කේන්ද්‍රීය කරගෙන කරන ප්‍රකාශත් එක්ක තමයි ඕවා වෙන්නෙ. මේ තියෙන ආර්ථික ප්රශ්නයේ දී නගරයේ මිනිස්සු තමයි උපරීම පීඩිත වෙලා තියෙන්නෙ.”
අජිත් රාජපක්ෂ මේ බව පැවසුවේ ඊයේ (27) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.