පන්සලට වෙනම බලාගාර හදන්න වෙන හැඩ..! එක පන්සලක AC යන්ත්‍ර 15ක්…! AC නැත්නම් බිල සාමාන්‍යයයි..!

September 24, 2022 at 10:46 am | by emanisa.lk

අගනුවර ආසන්න ප්‍රධාන පෙළේ විහාරස්ථානයක වායු සමීකරණ යන්ත්‍ර 10-15 අතර ප‍්‍රමාණයක් සවිකර ඇති බව වාර්තා වෙයි.

මේ බව හෙළි වී ඇත්තේ මෑතක දී රජය විසින් ආගමික මධ්‍යස්ථාන සඳහා විදුලි බිල නැංවීමත් සමග එම පන්සලට සුර්ය බල පද්ධතියක් සවි කිරීම සඳහා ආයතනයක් ගිය අවස්ථාවේදීය.

ස්ථාන පරීක්ෂාව සඳහා පැමිණි නිලධාරියා දැනුම් දී ඇත්තේ වායුසමීකරණ යන්ත්‍රවලින් තොරව සෙසු විදුලි උපකරණ ක්‍රියාත්මක කරවීම සඳහා නම් පද්ධතිය ස්ථාපිත කිරීම සාමාන්‍ය මිලකට කළ හැකිව ඇති බවත් වායු සමීකරණ යන්ත්‍ර ක්‍රියාත්මක කරන්නේ නම් ඉතා විශාල මුදලක් වැය වනු ඇති බවත් ඔවුන් පෙන්වා දී තිබේ.

වායු සමීකරණ යන්ත්‍ර භාවිත නොකරන්නේ නම් මසකට විදුලි ඒකක පන්සියයක ආසන්න සීමාවේ විදුලි භාවිතයක් රඳවා හැකි වනු ඇති බව ද නිලධාරියා පෙන්වා දී තිබේ.

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක ප්‍රකාශ කළේ කොළඹ 07 කාමර 35ක සිය සුපිරි හෝටලයේ මාසික විදුලි පරිභෝජනය ඒකක 7500ක් වන අතර ප්‍රධාන පන්සලක මාසික විදුලි පරිභෝජනය ඒකක 8500 ඉක්මවා ඇති බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *