අනුර විපක්ෂයේ ඉඳගෙන කයිවාරු ගහද්දි අපි ජනතාවට වැඩ කරනවා..! – සජිත්..

September 17, 2022 at 11:14 pm | by emanisa.lk

බලය තිබුණ ද, නොතිබුණ ද ජනතාවගේ සුභ සිද්ධිය උදෙසා කටයුතු කිරීම සිය අරමුණ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

තමන් ජනතාවට සේවය කරන විට විපක්ෂයේ අනිකුත් පක්ෂ 74 වසරක ශාපය ගැන සුපුරුදු කයිවාරුව ගසන බවයි, විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේ.

ඔහු මේ බව සඳහන් කළේ, ‘සක්වල’ වැඩසටහන මගින් මොනරාගල රාජකීය විද්‍යාලයට බස් රථයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

‘සක්වල’ වැඩසටහන ඔස්සේ පාසලකට ලබාදුන් 34 වන බස්රථය ඊයේ (16) මොනරාගල රාජකීය විද්‍යාලයට පරිත්‍යාග කරනු ලැබීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *