කැබිනට් මණ්ඩලය පත් කිරීමේ අධ්‍යාපනය, පළපුරුද්ද, දක්ෂතාව සහ ජ්‍යේෂ්ඨත්වය ආදී කරුණු සැලකිල්ලට භාජනය කළ යුතු බව හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක පවසයි.
මෙවර ඇමැතිකම් ලබා දීමේ දී ඒ කිසිවක් සැලකිල්ලට ගෙන නොමැති බවයි, හිටපු ඇමැතිවරයා පෙන්වා දෙන්නේ.
මහින්ද රාජපක්ෂට පසු සිය කඳවුරේ සිටි ජ්‍යේෂ්ඨයා තමා බවත් චමල් රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන ඉදිරියට පැමිණියේ පසුගිය කාලයේ බවත් එස්.බී. දිසානයක පවසයි.
1994 සිට ඇමැති ධූර දරමින් තමා තැබූ වාර්තා කිසිවෙකු බිඳ හෙළා නොමැති බව ද ඔහු අවධාරණය කළේය.
යොෟවණ කටයුතු ඇමැතිවරයා ලෙස තමා ආරම්භ කළ තුරුණු ශක්ති වැඩසටහන අද සුපර් ස්ටාර්, ඩ්‍රීම් ස්ටාර් ඇතුළු තරඟ ලෙස ඉදිරියට යන බව ද එස්.බී. දිසානායක ප්‍රකාශ කරයි.
ක්‍රීඩා ඇමැති ලෙස ඔලිම්පික් පදක්කම්, ආසියානු පදක්කම් 11ක්, ආසියානු පළමු දැල් පන්දු ශූරතාව, පොදුරාජ්‍ය මණ්ඩල ශූරතාව පමණක් නොව අර්ජුණ රණතුංග සමග එකතු වී ක්‍රිකට් ලෝක කුසලානය ද රටට දිනා දීමට තමා කටයුතු කළ බව හිටපු ඇමැතිවරයා පෙන්වා දුන්නේය.
ඉදිරියේදී තමන්ට ඇමැති ධූරයක් ලැබෙන බව පැවසෙන බවත් එය භාරගෙන රටට සේවයක් කිරීමට බලාපොරොත්තු වන බවත් හෙතෙම සඳහන් කරයි.