අපි අපේ අම්මා බලා ගන්නවා නම් සජිත්ට එයාගේ අම්මා බලා ගන්න බැරි ඇයි..? ජවිපෙ ආණ්ඩුවක් යටතේ මැති ඇමැති වරප්‍රසාද සියල්ල අහෝසියි..! – ටිල්වින්…

February 1, 2022 at 10:22 am | by emanisa.lk

සිය ආණ්ඩුවක් යටතේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට, ජනාධිපතිට, අගමැතිට ඇතුළු සියලු දෙනාට ම ලබා දුන් විශ්‍රාම වැටුප වහා ම හෝසි කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් ටිල්වින් සිල්වා පවසයි.

ප්‍රේමදාස මහත්තයා ජනාධිපති වෙලා හිටියා එතුමා මිය ගියාට පස්සේ එතුමගේ නෝනාට ආණ්ඩුවේ සල්ලිවලින් විශ්‍රාම වැටුපක් තවම ගෙවන බව ද ඔහු සඳහන් කළේ ය.

මැදිරිගිරිය දියසෙන්පුර නගරයේ පැවැති ප්‍රධාන රැස්වීමක් අමතිමින් ටිල්වින් සිල්වා මේ බව පැවැසීය.

“මම අහන්නේ සජිත් මහත්තයට බැරි ද අම්ම බලා ගන්න. අපි අපේ අම්මලා බලා ගන්නවා. සජිත් මහත්තය විපක්ෂ නායකනේ එතුමට වත්කමක් තියෙනවනේ. එතකොට එතුමට අම්මව බලා ගන්න බැරිද? අම්මා ආණ්ඩුවේ පිහිටෙන් ජීවත් වෙනවා. පුතා ආණ්ඩුව ගන්න කතා කරනවා.

ඇමති කෙනකුට වාහන තුනක් තියෙනවා. රියැදුරන් තුනක් දෙනවා. තුන්දෙනාට ම ආණ්ඩුව පඩි ගෙවනවා. ඒ වාහන තුනට ම ආණ්ඩුවෙන් නොමිලේ තෙල් ගහලා දෙනවා. ගෙයකුත් දෙනවා. ඒ් ගෙදර වතුර, ලයිට්, ටෙලිෆෝන් බිල් සියල්ල ගෙවනවා. පුදුම ගෙවිල්ලක් ඒවා නවත්වන්න ඕනේ.

කෙහෙලිය රඹුක්වැල්ල මහත්තයාගේ වතුර බිල ඒකතුවෙලා ඇවිත් තිබුණා රුපියල් ලක්ෂ 18 යි. බීලද ? නාලද? පඩියක් ගෙව්වට කමක් නෑ. සියලු දීමනා නවත්වන්න ඕනේ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස