දහම් දේශපාලනයට ගෙනාවේ ජනතාවගේ ඉල්ලීමට..! ඒක පවුල් දේශපාලනේ නෙමෙයි…! – මෛත්‍රී….

September 11, 2022 at 5:50 pm | by emanisa.lk

තමන්ගේ පුත් දහම් සිරිසේන දේශපාලනයට ගෙන ආවේ සියලු දෙනාගේ ඉල්ලීම මත බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කරයි.

එසේ නැතිව එය පවුල් දේශපාලනයක් නොවන බව පවසන ඔහු, එදා ප්‍රකාශ කළේ තමා ජනාධිපති ධුරයේ සිටින තාක් තම පවුලේ කෙනෙක් දේශපාලනයට නොඑන බව යැයි ද හෙතෙම පැවසීය.

දහම් සිරිසේන දේශපාලනයට ගෙන ඒමට පෙර පොළොන්නරුවේ ප‍්‍රදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලන ක්‍රියාකාරීන් කැඳවා මේ සම්බන්ධයෙන් විමසූ විට ඔවුන් සියලු දෙනාම එක හඬින් ඊට කැමැති වූ බව ද හෙතෙම තව දුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *