පවුල් පාලනයට එරෙහිව දහම් සිරිසේන දේශපාලනයට…! පොළොන්නරුව ශ්‍රීලනිප ආසන සංවිධායක ජවයත් ලැබේ…!

August 31, 2022 at 5:31 pm | by emanisa.lk

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පුත් දහම් සිරිසේන පොළොන්නරුව –බටහිර ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ලෙස පත් වීම භාර ගනිමින් අද නිල වශයෙන් දේශපාලනයට පිවිසියේය.

මෙම තනතුරට අදාළ පත්වීමේ ලිපිය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සුරතින් ලබා ගන්නා ඡායාරූපයක් ඔහුගේ ෆේස්බුක් ගිණුමේ පළ කර තිබේ.

එම ජායාරූපය සමග සටහනක්ද තබා තිබුණේ තමා කෙරෙහි විශ්වාසයය තැබූ සභාපතිතුමා සියලු දෙනාගේ විශ්වාසය උපරිම අයුරින් ආරක්ෂා කරමින්, නිදහස් පක්ෂය විසින් ලබාදුන් වගකීම ඉටුකරමින් ජනතාව වෙනුවෙන් උපරිම සේවයක් සිදු කරන බවයි.

කෙසේ වුව ද 2015 ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙමින් මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළේ තමා රාජපක්ෂ පවුල් පාලනයට එරෙහිව තරඟ වදින බවත් තමාගෙන් පසු තම පවුලේ කිසිවෙකු දේශපාලනයට නොපැමිණෙන බවත් ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *