රාජ්‍ය ඇමතිවරුන්ගේ කාර්ය මණ්ඩලවලට වාහන 111ක් වෙන්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී එල් පීරිස් පවසයි.
ජනතාවට ජීවත්වීමට පවා අසීරු වී ඇති අවස්ථාවක රාජ්‍ය අමාත්‍යවරුන් තිස් හත් දෙනෙකු පත් කිරීමෙන් රටේ වැය බර තවත් ඉහළ යන බව ද හෙතෙම පැවසීය.
එක් රාජ්‍ය අමාත්‍යවරයෙකුට පස් දෙනෙකුගෙන් සමන්විත කාර්ය මණ්ඩලයක් හිමිවන බව පැවසූ මහාචාර්ය පීරිස් ඔවුන්ගෙන් තිදෙනකුට රජය මගින් වාහන තුනක් ලබා දෙන බව ද පැවසීය.