පාන් ගෙඩිය රු. 300ට ගොස් බඩු මිල දරාගත නොහැකි වන විට ජනතාව නැවත පාරට බසිනු ඇතැයි අරගල නියමු ජීවන්ත පීරිස් පියනම පවසයි.
එම අරගලය තුළින් මේ රට යුක්තිගරුක දේශයක් බවට පත් කිරීමට තමන් පෙළ ගැසෙන බවයි, පියනම ප්‍රකාශ කළේ.
රනිල් රාජපක්ෂ ආණ්ඩුව මගින් ජනාධිපති කාර්යාලයට ඇතුළු වූයේ යැයි මේ රටේ ජනතාව මර්දනය කරමින් ඇතැයි ද ජීවන්ත පීරිස් පියනම චෝදනා කළේය.
මෙය ප්‍රජාතන්ත්‍ර විරෝධී රාජ්‍ය මර්දනයක දරුණු ම මොහොතක් බව ද හෙතෙම අවධාරණය කළේය.