ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාව ප්‍රසිද්ධියට පත් නොකළ යුතු බව මහාචාර්ය රොහාන් සමරජීව පවසයි.
එය ජාත්‍යන්තර බැඳුම්කර ණය හිමියන් සමග ඇති කර ගැනීමට උත්සාහ කරන ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලසුමට අහිතකර ලෙස බලපානු ඇති බව මහාචාර්ය සමරජීවගේ අදහසයි.
ඇති කර ගත් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ එක් පියවරක් පමණක් බව ද හෙතෙම අවධාරණය කරයි.
ශ්‍රී ලංකාවට මාස 9කට පෙර සැම්බියාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමණිය ද ඊට අදාළ තොරතුරු ප්‍රසිද්ධ කර නැතැයි ද මහාචාර්ය සමරජීව වැඩි දුරටත් පැවසීය.