සිරස මාධ්‍ය ජාලය තහනම් කිරීමේ සූදානමක්…!

September 1, 2022 at 4:44 pm | by emanisa.lk

සිරස මාධ්‍ය ජාලය මර්දනය කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස චෝදනා කරයි.

විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේ, ගම්මැද්ද වැනි වැඩසටහන් ඔස්සේ පොදු ජනතාව වෙනුවෙන් විශාල සේවයක් සිදුකරන එම මාධ්‍ය ආයතනයේ මාධ්‍ය බලපත්‍රය අහෝසි කිරීමට පිඹුරුපත් සැකසීම වහාම නතර කරන ලෙසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහට සිය දේශපාලන ගමනේ කලක් විශාල වශයෙන් උදව් කළ සිරස මාධය ආයතනය මර්දනයට ගෙන යන වැඩපිළිවෙළ ඉදිරියේ දී ජිනීවා මානව හිමිකම් සමුළුවේ දී ප්‍රශ්නයක් වනු ඇති බවට ද සජිත් ප්‍රේමදාස අනතුරු ඇඟවූයේය.

විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුව අමතමින් මේ බව ප්‍රකාශ කළේය.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *