ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතුරු අවයැයෙන් වැඩි ම මුදලක් වැය කර ඇත්තේ මිනී මරන්නට බව පුබුදු ජයගොඩ පවසයි.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් ජයගොඩ පෙන්වා දෙන්නේ අතුරු අයවැයෙන් රු. බිලියන 376ක අති දැවැන්ත මුදලක් වෙන් කර ඇතැයි චෝදනා කරයි.
එසේ ම පොලිසියට රු. බිලියන 112.6ක් වෙන් කර ඇතැයි ද ඔහු සඳහන් කළේය.
මෙම රු. බිලියන 488.8 වෙන් කර ඇත්තේ තමන්ට පහර දීමට මරා දැමීමට බවයි, පුබුදු ජයගොඩ ප්‍රකාශ කළේ.
අද (30) කොළඹ දී මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.