ආණ්ඩුවට එරෙහිව ජිනීවාහි විරෝධතා…! නාමල් ජොනී දේශබන්දුටත් චෝදනා…!

August 28, 2022 at 7:26 pm | by emanisa.lk

හදිසි නිතිය හකුලා ගන්නා ලෙස රජයට බල කරමින් යුරෝපයේ ශ්‍රී ලාංකිකයෝ අද (28) පෙරවරුවේ ජිනීවා නුවර පිහිටි මානව හිමිකම් කොමිසම ඉදිරිපිට දැවැන්ත විරෝධතාවක නිරත වූහ.

රනිල් රාජපක්ෂ සදාචාර විරෝධී, ජනවරම අහිමි ආණ්ඩුවේ මර්දනයට එරෙහිවත්, වර්තමාන පාර්ලිමේන්තුව විසුරුවා නව මැතිවරණයක් පවත්වන ලෙස බලකරමින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණි.

විදුලි කප්පාදුව, ඉන්ධන, ගෑස් සහ ඖෂධ හිඟය, අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිල ඉහළ යාම මේ සියල්ල නිසා ශ්‍රී ලාංකීය ජනතාව මුහුණ පා සිටින අභියෝගාත්මක තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවගෙන් පැනනගින මූලික අයිතීන් වන, සාමකාමී රැස්වීම්, අදහස් ප්‍රකාශ කිරීමේ, පළ කිරීමේ නිදහස සුරක්ෂිත කරන ලෙසත් මහජනයා හිතුමතේ අත්අඩංගුවට ගැනීම සහ මාධ්‍ය වාරණ පැනවීම, සාමකාමී විය යුතු නිදහස් රැස්වීමේ අයිතිය සහ විසම්මුතිය ඇතුළු සියලුම පුරවැසියන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සුරක්ෂිත කරන ලෙසත් ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් දැඩි ලෙස බලකරන බව උද්ඝෝෂකයෝ පැවසූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *