ආනයන තහනමින් ඇඟළුම් ක්ෂේත්‍රය ඉවරයි…!

August 27, 2022 at 7:24 am | by emanisa.lk

ඇඟලුම් ක්ෂේත්‍රය ඇතුළු තවත් ක්ෂේත්‍ර ගණනාවකට අදාළ භාණ්ඩ ආනයනය තහනම් කිරීම හේතුවෙන් තමන් දැඩි ලෙස අපහසුතාවට පත්වී සිටින බව ව්‍යාපාරිකයෝ පවසති.

භාණ්ඩ 305ක් ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවමින් මුදල් අමාත්‍යාංශය විසින් පසුගිය 23 වනදා නිවේදනයක් නිකුත් කිරීම ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වු ශ්‍රී ලංකා එක්සත් ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපතිනිය වන ටානියා අබේසුන්දර මේ බව පෙන්වා දෙයි.

“ඇඟලුම් ක්ෂේත්‍රයේ මිලියන ගණනක් සෘජුව සහ වක්‍රව සේවය කරනවා. මේ වැඩේ නිසා බොහෝ ප්‍රමාණයකට රැකියා අහිමි වෙයි. ඇත්තට ම තියෙන්නේ ඩොලර් ප්‍රශ්නයක්. ඩොලර් ප්‍රශ්නයට අපි හැමෝම ඇතිවෙන්න විසඳුම් දිලා තියෙනවා රජයට ලිඛිතවම. ඇති වෙන්න ඩොලර් ඕපන් මාර්කට් එකේ තියෙනවා. අපි රජයෙන් පුන පුනා ඉල්ලලා තිබුණා මේ ඩොලර් බැංකු ක්ෂේත්‍රයකට ගෙන ඒමේ ක්‍රමවේදය හදලා දෙන්න කියලා. මේ ගේන ඩොලර්වලින් විවෘත ගිණුම් හදලා ඒවට ඉම්පෝට්ස් කරන්න ඉඩ දෙන්න කියලා අපි කිව්වා. එහෙම කිව්වාම ඒකට පොඩ්ඩක් ඇහුම්කන් දෙන්න ඕනේ. රජයේ වගකීම තමයි ව්‍යාපාර රැකගැනීම. තමන්ට හිතුමතේට තීරණ අරගෙන මේ තියන ටිකත් නැති නාස්ති කිරීමේ විදියට ද මේ රට පත්වෙන්නේ එතකොට.

අපි ඒ අයට කියන්නේ ඔයගොල්ලෝ වගකියන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න 225ට නෙමේ රට නියෝජනය කරන මිලියන 21ට කියන එක. කරුණාකරලා මතක තියා ගන්න. දැන් මෙවලම්වලට තහංචි දලා තියෙනවා. එතකොට සමාන්‍ය මනුස්සයෙක් ඉඳිකටු 100ක් ගන්න ඕනේ නම් ඒ මනුස්සයා ඒක ආනයනය කරන්න ඕනේද?”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *