චීන නැව පිළිගන්න විමල් වාසු රතන හිමි හම්බන්තොට යයි…!

August 16, 2022 at 2:19 pm | by emanisa.lk

අද (16) පෙරවරුවේ හම්බන්තොට වරායට පැමිණි චීනයේ ‘යුවාන් වැන්ග් 5’ නෞකාව පිළිගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ හා පූජ්‍ය අතුරලියේ රතන හිමි ඇතුළු පිරිසක් එම ස්ථානයට ගොස් ඇත.

ඇමරිකාව ඉන්දියාව ඇතුළු පාර්ශ්ව විරෝධතාව මැද දින කිහිපයක් මෙම නැවේ ගමන ප‍්‍රමාද කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කළේය.

එහෙත් අද හම්බන්තොට වරායට ඇතුළුවීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් ලබාදුන් අවසරය මත මෙම නෞකාව හම්බන්තොට වරායට පැමිණ තිබේ.

එම නැවට හම්බන්තොට වරායට පැමිණීමට ඉඩ දිය යුතු බව විමල් පාර්ශ්වය අවධාරණය කළ අතර ඉන්දියාව ද පසුව ප්‍රකාශ කළේ ඒ පිළිඳ තීන්දුවක් ලංකා ආණ්ඩුව ස්වාධීනව ගතයුතු බවය.

ආණ්ඩුව සියලු පාර්ශ්ව සමග සාකච්ඡා කර අදාළ ප්‍රශ්නය නිරාකරණය කර ගැනීමට කටයුතු කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *