ගෝඨා ගියා ම කරන දෙයක් ගැන දැනගෙන හිටියේ නෑ…! ඒක අරගලයේ දුර්වලකමක්..! – ආචාර්ය හරිනි අමරසූරිය….

August 16, 2022 at 12:46 pm | by emanisa.lk

ගෝඨා ගෝ හෝම් සටන් පාඨය සමඟ සියලු දෙනා ම සටන් කළ නමුත් ගෝඨාභය ගියාට පසු සිදුවන දේ සම්බන්ධයෙන් සියලු දෙනාට ම එකඟතාවකට පැමිණීමට බැරි වූ බව ජාතික ජන බලවේගයෙ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසුරිය සඳහන් කරයි.

එය එක අතකින් අරගලයේ පැවති දුර්වලතාවක් බව ද ආචාර්ය අමරසූරිය පවසයි.

පවතින තත්ත්වය තීරණාත්මක ලෙස වෙනස් කිරීමට නම් ගෝඨාභය ගෙදර යැවීම පමණක් නොව පාර්ලිමේන්තුවේ සංයුතිය ද වෙනස් විය යුතු බවත් ඇය සඳහන් කළාය.

ජන හමුවක් අමතමින් ඇය මේ බව කියා සිටියාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *