පක්ෂ 11 ඉල්ලීම ඉටු වෙයි…! චීන නෞකාව 06 වෙනිදා හම්බන්තොටට…!

August 13, 2022 at 12:35 pm | by emanisa.lk

හම්බන්තොට වරායට පිවිසීමට අවසර ලැබෙන තෙක් ශ්‍රී ලංකා මුහුදු සීමාවේ රැඳී සිටින යුවාන් වැන්ග් 5 පර්යේෂණ නෞකාවට අගෝස්තු 16 වෙනිදා හම්බන්තොට වරායට පැමිණීමට අවසර ලබා දී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

යුවාන් වැන්ග් 5 නෞකාව හම්බන්තොට වරායට නාවික සැතැපුම් 600 ක් පමණ දුරින් පැයට නාවික සැතපුම් 5.8 ක වේගයෙන් තම ගමන් මාර්ගයෙන් පිට පනිමින් නැවතත් ගමන් මාර්ගයට පැමිණෙමින් නැවතත් පිට පනිමින් යාත්‍රා කරන බව මැරිටයිම් වෙබ් අඩවි දත්ත පෙන්නුම් කළේය.

අගෝස්තු 16 හම්බන්තොට වරායට පැමිණීමට යුවාන් වැන්ග් 5 නෞකාවට අවසර ලබා දී ඇතැයි ලෙස පළවන වාර්තා පිළිබඳ දැනුම්වත් මුත් ඒ පිළිබඳ තහවුරු කිරීමක් මේ අවස්ථාවේ කළ නොහැකි බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේය.

ඉන්දියාව පිළිබඳ ඔත්තු බැලීම සඳහා චීන නැවට හම්බන්තොටට පැමිණීමේ අවශ්‍යතාවක් නැතැයි පැවසූ විමල් වීරවංශ ප්‍රමුඛ ස්වාධීන පක්ෂ 11 එම අනවශ්‍ය රාජතාන්ත්‍රික ගැටුමක් නිර්මාණය නොකර අදාළ අවසරය ලබා දෙන ලෙස ආණ්ඩුවට දැනුම් දුන්නේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *