ලංකා අයි ඕ සී සමාගමට තවත් ඉන්ධන පිරවුම්හල් 50ක් ස්ථාපනය කිරීමට අවසර ලැබුණු බව එම සමාගම කොළඹ කොටස් වෙළෙඳපොළට දැනුම් දී තිබේ.
එම පිරවුම්හල් 50 දිවයින පුරා විවිධ ප්‍රදේශවල ස්ථාපනය කිරීමට බලශක්ති අමාත්‍යවරයාගේ අනුමැතිය ලැබුණු බව එම සමාගමේ කළමනාකාර අධ්යක්ෂ මනෝජ් ගුප්තා දැනුම් දී ඇත.
මේ වන විට IOC පිරවුම්හල් 200ක් දිවයින පුරා ක්‍රියාත්මක වන අතර තවත් චීන සිනොපෙක් ඇතුළු ජාත්‍යන්තර සමාගම් ගණනාවක් මෙරට තෙල් වෙළඳපොළට එකතු වීමට සූදානම් බව ද දැනගන්නට ඇත.