ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ සර්ව පාක්ෂික ආණ්ඩුවක් සමග එක්වීමට තීරණය කර ඇති බව ජනාධිපති රනිල් වික්රමසිංහ පවසයි.
සමගි ජනබලවේගය සමග පැවැති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව සදහන් කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
දේශපාලන ආරංචි සඳහන් කරන්නේ විමල් වීරවංශට ඇමැති ධූරයක් ලබා දීමට ද තීරණය වී ඇති බවයි.
සර්ව පාක්ෂික ආණ්ඩුවට දෙමළ ජාතික සන්ධානයේ සී.වී. විග්නේශ්වරන් ද එකතු වන්නට තීරණය කර ඇත.
මේ අතර ජනාධිපතිවරයා පවසා ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ සන්ධානය සර්ව පාක්ෂික ආණ්ඩුව සමග එක් නොවන බව මේ වන විටත් දැනුම් දී ඇති බවයි.