ගාලුමුවදොර පිටියේ අනවසරයෙන් රැඳී සිටින පුද්ගලයන් සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ගවලට යොමු වී සිටින බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.
නාගරික සංවර්ධන අධිකාරිය, වරාය අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතන සතු ඉඩම්වල අනවසර ඉදිකිරීම සහ අනවසරයෙන් රැඳී සිටීම මත පිරිසට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කළේය.
දැනටමත් එම ආයතන වෙත ඒ සඳහා උපදෙස් ලබාදී ඇති බව ද මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් එස්. හෙට්ටිආරච්චි පැවසීය.
එම ප්‍රදේශවල වීඩියෝ දර්ශන මගින් පුද්ගලයන් හඳුනා ගැනීමට කටයුතු කරන බව ද ඔහු සඳහන් කළේය.