ඩලස් අලහප්පෙරුම අද (22) විපක්ෂයේ පක්ෂ නායකයින් සමග ප්රවෘත්ති සාකච්ඡාවකට එකතු විය.
සර්ව පාක්ෂික එකමුතුව නමින් එම හමුව කැඳවා තිබුණේ උදෑසන ගාලු මුවදොර හමුදාව යොදවා විරෝධතාකරුවන් පළවා හැර ජනාධිපති ලේකම් කාර්යාලය මුදා ගැනීමේ සිද්ධියට විරෝධය ප්‍රකාශ කිරීමටය.
මෙම හමුවට සජිත් ප්‍රේමදාස, එම්.ඒ. සුමන්දිරන්, රවූෆ් හකීම්, මනෝ ගනේෂන්, සරත් ෆොන්සේකා, රාජිත සේනාරත්න ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.
පසුගියදා පැවැති අනුප්‍රාප්තික ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ඩලස් අලහප්පෙරුම පරාජයට පත්විය.