ඉතිහාසය වෙලාගත් වංචනික දේශපාලන සංස්කෘතිය අවසන් කරනවා…! – ජනාධිපති අපේක්ෂක ඩලස්..

July 17, 2022 at 9:20 am | by emanisa.lk

ප්‍රධාන විපක්ෂය සහ විපක්ෂයේ අනෙකුත් පක්ෂ එක්කර ඉතිහාසයේ පළමු සම්මුතිවාදි ආණ්ඩුව ගොඩනැගීම සඳහා තමන් ජනාධිපති ධූරයට ඉදිරිපත්වීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසයි.

මන්ත්‍රීවරයා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පෙන්වා දෙන්නේ ඉතිහාසය වෙලාගත් වංචනික දේශපාලන සංකෘතිය අවසන් කිරීම සිය ප්‍රමුඛ අරමුණ බවය.

මේ අතර ජනාධිපති ධූරය සඳහා ඉදිරිපත්වීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගත් තීරණය සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම විසින් ඒකමතිකව සම්මත කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *