සජිත් අගමැති කරන්න පොහොට්ටුව සූදානම්…! – ජී.ඇල්…

July 19, 2022 at 12:04 pm | by emanisa.lk

සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස අගමැති ලෙස පත් කිරීමට තමන් සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.ඇල්.පීරිස් පවසයි.

ඔහු අවධාරණය කළේ ප්‍රධාන පක්ෂ දෙක එකතු වී රටේ දැවෙන ප්‍රශ්න සඳහා විසඳුම් සෙවීම ජනතා අපේක්ෂාව බවයි.

පොදුජන පෙරමුණේ බහුතර මන්ත්‍රී පිරිසක් ඩලස් අලහප්පෙරුමට සහයෝගය ලබා දීමට සූදානම් බව ද මහාචාර්ය ජී.ඇල්. අනාවරණය කළේය.

පොදුජන පෙරමුණ වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහයෝගය ලබා දීමට තීින්දු කළ බවට එම පක්ෂයේ ලේකම් සාගර කාරියවසම් නිකුත් කළ නිවේදනය පිළිබඳ තමා යොමු කළ ලිපියට මෙතෙක් පිළිතුරු ලැබී නොමැති බවයි, ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *