සජබ යළි නාය යයි…! තවත් 10ක් රනිල්ට…!

July 18, 2022 at 12:25 pm | by emanisa.lk

ලබන විසි වැනිදා පාර්ලිමේන්තුවේ දී නව ජනාධිපතිවරයා තේරීමේ දී සමගි ජනබලවේගයේ මන්ත්‍රිවරු දස දෙනකුගේ සහයෝගය වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලබා ගැනීම සඳහා සාකච්ඡා ආරම්භ කර ඇත.

එම මන්ත්‍රිවරු සමග සාකච්ඡා කිරීමේ වගකීම හරීන් ප්‍රනාන්දු හා මනුෂ නානායක්කාර යන ඇමැතිවරුන්ට පවරා තිබේ. එම ඇමැතිවරුන් සමගි ජනබලවේගයේ මන්ත්‍රිවරුන් කිහිප දෙනකු සමග රහසිගත සාකච්ඡා පවත්වා ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

විපක්ෂය හා ස්වාධීන කණ්ඩායම් නියෝජනය කරන ප්‍රබල මන්ත්‍රිවරු මෙන්ම දෙමළ හා මුස්ලිම් මන්ත්‍රිවරුන්ගේ සහයෝගයද රනිල් වික්‍රමසිංහට ලබා ගැනීම සඳහා ක්‍රියාත්මකය. එම සාකච්ඡා රනිල් වික්‍රමසිංහ විසින්ම සෘජුව සිදු කරන බව ද දේශපාලන ආරංචි මාර්ග තහවුරු කළේය.

එහි දී කළුතර, නුවරඑළිය සහ කොළඹ දිස්ත්‍රික් නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සහයෝගය ලබා දීමට දැනටමත් එකඟතාව පල කර තිබේ. මෙයට පෙර සජබ නියෝජනය කළ ඩයනා ගමගේ, මනූෂ නානායක්කාර, හරීන් ප්‍රනාන්දු ඇතුළු පිරිසක් ද ඉන් ඉවත් විය.

හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න, කබීර් හෂීම් සහ හර්ෂණ රාජකරුණා යන සජබ මන්ත්‍රීවරුන් ද මේ අතර සිටින බව නිල නොලත් වාර්තා අනාවරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *