ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගෙන වහා ම ශ්‍රී ලංකාවට භාරදෙන ලෙස බ්‍රිතාන්‍යයේ ලිබරල් ඩිමොක්රටික් පක්ෂයේ නායක එඩී ඩේවිස් ඇතුළු මන්ත්‍රීවරු 15 දෙනකු බ්‍රිතාන්‍ය ආණ්ඩුවෙන් ඉල්ලා ඇත.
හිටපු ජනාධිපති රාජපක්ෂ ශ්‍රී ලංකාවෙන් පැන යෑම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ දී දැඩි විරෝධතාවක්ද මතුවී තිබිණි.
මෙම ඉල්ලීමට කොන්සවේටිව් සහ ලේබර් පක්ෂ මන්ත්‍රීවරුන්ද සහාය දක්වා තිබේ. මෙහිදී ඇතැම් මන්ත්‍රීවරුන් පවසා ඇත්තේ ගෝඨාභය ද්‍රවිඩයන් ලක්ෂයක් ඝාතනයට සම්බන්ධ බවයි.
මේ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය අධිකරණ ඇමැති ආමන්ඩා විලිස් ප්‍රතිචාර දැක්වීම ප්‍රතික්ෂේප කර තිබේ.