පොදුජන පෙරමුණට පැමිණ අගමැති ධූරය භාරගන්නා ලෙස යෝජනා නිතර පැමිණෙන බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.
එහෙත් තමා එම යෝජනා ප්‍රතික්ෂේප කරන බවත් සිය පක්ෂය අතහැර නොයන බවත් ඔහු අවධාරණය කරයි.
කෙසේ වුව ද සිය පක්ෂය ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරයක් ජනාධිපති ධූරය භාරගන්නා ලෙස ආරාධනා කළහොත් බහුතර මතයට හිස නමන බවයි, ෆොන්සේකා ප්‍රකාශ කළේ.
රට භාරදුනහොත් වර්තමාන ගැටලු විසඳන බවත් ඒ සඳහා ආත්ම විශ්වාසයක් තමා සතුව ඇති බවත් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ප්‍රකාශ කළේ අද (14) මාධ්‍ය හමුවකට එකතු වෙමිනි.