ආණ්ඩුවට ජනතා හඬට මුහුණ දෙන්න බෑ…! හිරුණිකා අත්අඩංගුවට ගත්තේ ඒ්කයි…!

July 8, 2022 at 5:27 pm | by emanisa.lk

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු කාන්තාවන් පිරිසක් ද සමග රෙහාන් ජවික්‍රම හා තවත්ම දේශපාලන ක්‍රියාකාරීන් පිරිසක් කොළඹ කොටුව ජනාධිපති නිල නිවස ඉදිරිපිටදී අත්අඩංගුවට ගැනීම මගින් වර්තමාන ආණ්ඩුව ලොවටම ප්‍රදර්ශනය කර ඇත්තේ ජනතා හඬට මුහුණදීගත නොහැකිව පළකරමින් තිබෙන භීතියේ තරම බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එසේම ජනතාවගේ සැබෑ ප්‍රශ්න වෙනුවෙන් පෙනී සිටින්නන් කෙරෙහි ආණ්ඩුව දක්වමින් සිටින වෛරයේ ප්‍රමාණය ද ඒ තුළින් මැනවින් ප්‍රදර්ශනය කරන බවත් ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සහ නිදහසට දක්වන අකමැත්ත ද ඉන් ප්‍රදර්ශනය කරන බව එම සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් වේ.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය එම සිදුවීම තරයේ හෙළා දකින බවත් ජනතාව මුහුණ දී සිටින දැවැන්ත පීඩනය හමුවේ නිහඬව නොසිටින බව රජය තේරුම්ගත යුතු බවත් එම නිවේදනයෙන් වැඩි දුරටත් අවධාරණය කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *